Header

Sri Lanka Army

Defender of the Nation

10th September 2018 16:32:23 Hours

තවත් ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් තිදෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කෙරේ

යුද්ධ හමුදාධිපතිතුමාගේ සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ නිර්දේශය මත සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 3 දෙනෙකු තාවකාලික මේජර් ජෙනරාල් නිලයට නිල උසස්කර ඇති බැව් යුද සේවා ලේකම් ශාඛාව විසින් බ්‍රහස්පතින්දා (6) දින නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.

නිවුන් සොහොයුරන් වන ශ්‍රී ලංකා සංඥා බලකායේ බ්‍රිගේඩියර් එච්.පී.සෙනෙවිරත්න, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එච්.ජේ සෙනෙවිරත්න සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ඒ. එන්. එම් වීරසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් 2018 අගෝස්තු මස 31 වන දින සහ 2018 සැප්තැම්බර් මස 3 වන දින සිට බල පැවැත්වෙන පරිදි මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත.

මේජර් ජෙනරාල් එච්.පී සෙනෙවිරත්න යුද්ධ හමුදා මූලස්ථානයේ වත්මන් තත්ව ආරක්‍ෂණ සහ පිරික්සුම් අධ්‍යක්‍ෂක ධූරය ද, මේජර් ජෙනරාල් එච්.ජේ සෙනෙවිරත්න මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ වත්මන් සේනාවිධායක තනතුර ද, මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඒ.එන්.එම් වීරසිංහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ වත්මන් නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරි තනතුර ද හොඹවනු ලබයි. Sport media | Nike