2018-09-16 13:11:32
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබු තොරතුරු තාක්ෂණ පුහුණු පාඨමාලා - අදියර III මාසයකට අධික කාලයක් පැවැති අතර එම පාඨමාලාව අඟහරුවාදා (11) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී සාර්ථකව අවසන් විය.
2018-09-15 17:30:02
61 වන සේනාංක මූලස්ථානයේ ඉල්ලීමකට අනුව වවුනියාව, පුතුකුලම් මහා විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පිරිනමමින් සහයෝගය දැක්වීම සඳහා ගුණ ජය සතුට පදනම ඉදිරිපත් විය. වවුනියාව, පුතුකුලම් මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජි.ජේ තිලකරත්න....
2018-09-15 16:29:56
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ ඉල්ලීමකට අනුව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වෘත්තීකයින් කණ්ඩායමකගේ සහයෝගය ඇතිව එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් ‘ආපදා කළමනාකරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සිකුරාදා (14) දින පවත්වනු ලැබීය.
2018-09-14 14:52:53
විවිධ ක්‍රීඩා කෞෂලයන්ගෙන් හෙබි නොසැලෙන ධෛර්යයකින් යුත් මානුෂීය මෙහෙයුමේදි විවිධ ආබාධ වලට ලක්වු යුද්ධ හමුදා රණවිරුවන් 700 කගේ පමණ සහභාගිත්වයෙන් ‘ශ්‍රී ලංකා පැරා ක්‍රීඩා උළෙල - 2018’ සැප්තැම්බර් මස 19 දින සිට 21 දින දක්වා හොරණ, දියගම ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.
2018-09-14 14:52:44
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 573 වන බලසේනාවේ භට පිරිස් විසින් කිලිනොච්චි ධර්මපුරම් මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ට පාපැදි නවතාලීම සඳහා (20’ x 60’) ප්‍රමාණයේ පාපැදි නැවැතීමට ස්ථානයක් ඉදිකරදුන් අතර බදාදා (12) දින පැවැති කෙටි උත්සවයකින් අනතුරුව.....
2018-09-14 14:52:30
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහයෝගය ඇතිව අලන්කුලම්, තුනුක්කායි හී යුද්ධ හමුදාව විසින් ඉදිකරනු ලබන නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන බදාදා (12) දින සංචාරයක නිරතවිය.
2018-09-14 14:52:25
කිලිනොච්චි ප්‍රදේශයේ සිදුවන රිය අනතුරු ප්‍රමාණය අවම කිරීමේ අරමුණින් ‘රිය අනතුරු’ පිළිබඳ කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු සියලුම නිලයින් දැනුවත් කිරීමේ දේශනයක් සැප්තැම්බර් මස 12 දින සිට 14 දින දක්වා එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
2018-09-14 14:52:21
හපුතලේ යහලබැද්ද විද්‍යාලයේ බළධාරීන්ගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා නිලධාරියෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 17 දෙනෙකුගේ සහයෝගිත්වය ඇතිව ඉරිදා (09) දින පාසල් ක්‍රීඩාපිටිය සහ ක්‍රීඩාපිටියට පිවිසෙන මාර්ගය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය. එම විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල්.....
2018-09-14 14:51:34
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සහ ලේක්හවුස් ආයතනයේ විශීෂ්ඨ විඩියෝකරණ සහ ඡායාරූපකරණ ශීල්පින් කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව කිලිනොච්චියේ පිහිටි සියලුම ඒකකවල සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් විඩියෝකරණ සහ ඡායාරූපකරණ පුහුණු වැඩමුළුවක් සැප්තැම්බර් මස 3 දින සිට 5 දින දක්වා කිලිනොච්චි බාරතිපුරම් උසස් ශාරීරික පුහුණු පාසලේ දී පවත්වනු ලැබීය.
2018-09-13 18:34:18
10 වන ආරක්ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලිය - 2018 ජවන හා පිටිය මළල ක්‍රීඩා ඉසව් රැසක් සමඟින් බ්‍රහස්පතින්දා (13) දින කොළඹ 13, සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල එච්.ඩී.වී. ලක්ෂානි තුන්පිම්ම තරඟ ඉසව්වේ මීටර් 13.58 ක් පනිමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් විය. මෙම තරගාවලියේ අවසන් තරගය ඉරිදා....