Header

Sri Lanka Army

Defender of the Nation

14th September 2018 14:52:30 Hours

යුද්ධ හමුදාව විසින් ඉදිකරනු ලබන නිවාස ව්‍යාපෘතිය කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ නිරීක්‍ෂණයට

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහයෝගය ඇතිව අලන්කුලම්, තුනුක්කායි හී යුද්ධ හමුදාව විසින් ඉදිකරනු ලබන නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්‍ෂණය කිරීම සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන බදාදා (12) දින සංචාරයක නිරතවිය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරනු ලබන නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්‍ෂණය කිරීම සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් මෙහි සංචාරය කළහ. එම ප්‍රදේශයේ නිවාස නොමැති පවුල් 11 සඳහා නව නිවාස ඉදිකරදීමේ කටයුතු යුද්ධ හමුදාව විසින් මේ වනවිටත් සිදු කරමින් පවති.

මෙම සංචාරයේ දී 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පේරුම විසින් ව්‍යාපෘතිය පිළිබඳ ආඥාපතිතුමන් දැනුවත් කල අතර ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටින යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ අදහස් හුවමාරු කරගත්හ. url clone | New Releases Nike