Header

Sri Lanka Army

Defender of the Nation

14th September 2018 14:51:34 Hours

කිලිනොච්චි භට පිරිස් හට විඩියෝකරණ සහ ඡායාරූපකරණ පුහුණුවක්

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සහ ලේක්හවුස් ආයතනයේ විශීෂ්ඨ විඩියෝකරණ සහ ඡායාරූපකරණ ශීල්පින් කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව කිලිනොච්චියේ පිහිටි සියලුම ඒකකවල සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් විඩියෝකරණ සහ ඡායාරූපකරණ පුහුණු වැඩමුළුවක් සැප්තැම්බර් මස 3 දින සිට 5 දින දක්වා කිලිනොච්චි බාරතිපුරම් උසස් ශාරීරික පුහුණු පාසලේ දී පවත්වනු ලැබීය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත මෙම තෙදින පුහුණු වැඩමුළුව සංවිධානය කල අතර ඒ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 60 දෙනෙකු සහභාගි වූහ.

මෙම මූලික පාඨමාලාවේ උපදේශකයින් ලෙස ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ (කැමරා කටයුතු සහ පුහුණු) නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජයම්මාලා පෙරේරා මහතා, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ (පටිගත කිරීම්) නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නිහාල් තිසර මහතා, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පි අශෝක ජයසේකර මහතා සහ ලේක් හවුස් ආයතනයේ ඡායාරූප ශිල්පි තිලක් පෙරේරා මහතා යන ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් කටයුතු කළහ.Running sports | Nike Off-White