Header

Sri Lanka Army

Defender of the Nation

14th September 2018 14:52:25 Hours

‘රිය අනතුරු’ පිළිබඳ කිලිනොච්චි භට පිරිස් දැනුවත් කෙරේ

කිලිනොච්චි ප්‍රදේශයේ සිදුවන රිය අනතුරු ප්‍රමාණය අවම කිරීමේ අරමුණින් ‘රිය අනතුරු’ පිළිබඳ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු සියලුම නිලයින් දැනුවත් කිරීමේ දේශනයක් සැප්තැම්බර් මස 12 දින සිට 14 දින දක්වා එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.

කිලිනොච්චි පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් යූ.එන්. නිශාන්ත විසින් පැවැත්වූ මෙම දේශනය සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලු ඒකකයන් නියෝජනය කරමින් ප්‍රවාහන අංශයන්හි යුද්ධ හමුදා සාමාජිකයින් 442 ක් සහභාගි වූහ.

මෙම වැඩමුළුවේ සමාරම්භක දේශනය කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි I (පාලන) ලුතිනන් කර්නල් අර්ජුන කොඩිප්පිල විසින් සිදු කරනු ලැබීය. url clone | Womens Shoes Footwear & Shoes Online