2018-12-14 17:56:50
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 67 වන සංවත්සරයට සමගාමීව සිකුරාදා (07) දින රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් ‘රණවිරු’ සැමරුම් උත්සවයක් පනාගොඩ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී සංවිධානය කරන ලදී. මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම මූල්‍ය කලමණාකරන අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් වජිර පලිහක්කාර සහභාගි විය. මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත....
2018-12-14 16:56:50
පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ සහ ජනප්‍රිය කිරීමේ අරමුණින් පැවැත්වෙන පස්දින වැඩමුළුවේ සමාරම්භක උත්සවය බදාදා (12) දින ඉරණපලෙයි මහජන ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර මෙම වැඩමුළුව සඳහා මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ පාපන්දු ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩා සමාජ 20 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් තරුණ ක්‍රීඩකයින් රැසක් සහභාගි වූහ.
2018-12-14 15:56:50
උතුරු මැද පළාත් පාසල් කනිෂ්ඨ ශිෂ්‍යභටයින් 400 කගේ විසිරයාමේ පෙළපාලිය සහ සහතිකපත් ප්රදානෝත්සවය බ්‍රහස්පතින්දා (13) දින පොළොන්නරුව අධ්‍යාපන කලාපයේ පුලතිසිපුර ජාතික විද්‍යාලයේ දී පැවැත්විණි. මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහභාගිවූ අතර පෙළපාලිය සඳහා කණ්ඩ 16 කට අයත් ශිෂ්‍යභටයින් 400 ක් සහභාගි වූ අතර උතුරු මැද පළාතේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් ශිෂ්‍යභට නිලධාරීන්..
2018-12-14 14:56:50
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 150 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් දියතලාව නගරය සහ අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක ශ්‍රමදාන වැඩසහනක් අඟහරුවාදා (11) දින දියත් කළහ.
2018-12-14 13:56:50
කොට්ටඩි විනයාගර් පූල්ලෙයාර් හින්දු කෝවිලේ වාර්ෂික උත්සවයේ අවසන් පූජාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු නියෝජනය කරමින් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී සහභාගි වූ අතර මෙම උත්සවය පැවැත්වීම සඳහා අවශ්‍ය විදුලිය, තාවකාලික කූඩාරම් ඇතුළු අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට යුද්ධ හමුදාව සහයෝගය ලබාදුන්හ.
2018-12-14 12:56:50
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය විසින් දියත් කරනු ලැබු ආපදා කළමණාකරන පාඨමාලාවේ අවසන් දේශනය ඉරිදා (09) දින මූතියන්කඩ්ඩු බලඇණි පුහුණු පාසල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.
2018-12-14 11:56:50
යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය පරිශ්‍රයේ දින හතරක කාලයක් පුරා (දෙසැම්බර් මස 8 දින සිට 11 දින දක්වා) බාලදක්ෂ කඳවුරක් පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සපයනු ලැබීය.
2018-12-13 19:33:14
Our Lady of Guadalupe පෙර පාසලේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය අඟහරුවාදා (04) දින ත්‍රිකුණාමලය නගර සභා ශාලාවේ දී ත්‍රිකුණාමලය බිෂොප් අති උතුම් ආචාර්ය නොයෙල් එමානුවෙල් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදි බිෂොප් තුමන් විසින් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර එම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සිදුකරනු ලබන සේවය ඇගයුමට ලක් කරමින් එතුමන් වෙත සමරුතිළිණයක් ප්රදානය කරනු ලැබීය.
2018-12-13 19:30:56
නොපසුබට උත්සහයෙන් හෙබි 6 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්රල් ගැමුණු කරුණාරත්න රෝදපුටු ශූරයා ප්රසංශාවට සහ ඇගයුමට ලක්කිරීමේ විශේෂ උත්සවයක් බදාදා (12) දින සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී ගජබා රෙජමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු...
2018-12-13 19:15:36
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාකයේ 10 වන සංවත්සරය සහ 68 වන සේනාංකයේ 09 වන සංවත්සරය පසුගියදා හමුදා සම්ප්‍රදායානුකූල උත්සව මාලාවක් සමගින් එම සේනාංක මූලස්ථානයන් හිදී අභිමානවත්ව සමරනු ලැබීය. ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ ස්ථානගත 64 වන සේනාංකයේ සංවත්සර දිනයට සමගාමීව...