Header

Sri Lanka Army

Defender of the Nation

14th December 2018 14:56:50 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් ශ්‍රමදාන වැඩසටහනක

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 150 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් දියතලාව නගරය සහ අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක ශ්‍රමදාන වැඩසහනක් අඟහරුවාදා (11) දින දියත් කළහ.

ඒ අනුව, යුද්ධ හමුදා සාමාජිකයින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීමේ අරමුණින් දියතලාව නගරය කේන්ද්‍ර කරගනිමින් හපුතලේ Y හන්දියේ සිට දියතලාව නගරය වෙත පිවිසෙන මාර්ගය, දියතලාව තැපැල් ස්ථාන හන්දියේ සිට යුද්ධ හමුදා විද්‍යාපිඨය දක්වා මාර්ගය, 1 වන ගැමුණු හේවා කඳවුර පිවිසුම් දොරටුවේ සිට දියතලාව මිනින්දෝරු කාර්යාලය දක්වා මාර්ගය, 1 වන ගැමුණු හේවා කඳවුරු පිවිසිම් දොරටුවේ සිට නරියාකන්ද දක්වා පිවිසෙන මාර්ගයන් පිරිසිදු කරනු ලැබීය.

මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අණසක, ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල, 7 වන ශ්‍රී ලංකා සංඥා බලකාය, 1 වන ගැමුණු හේවා බලඇණිය, 7 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකාය, 17 වන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකාය, 8 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය සහ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහභාගි විය.Sports brands | Air Jordan 1 Retro High OG Retro High OG Hyper Royal 555088-402 , Fitforhealth