Header

Sri Lanka Army

Defender of the Nation

14th December 2018 12:56:50 Hours

64 වන සේනාංකය විසින් පැවැත්වූ ආපදා කළමණාකරන පාඨමාලාව සාර්ථකව අවසන්

මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය විසින් දියත් කරනු ලැබු ආපදා කළමණාකරන පාඨමාලාවේ අවසන් දේශනය ඉරිදා (09) දින මූතියන්කඩ්ඩු බලඇණි පුහුණු පාසල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.

59 වන සේනාංකය, 64 වන සේනාංකය, 68 වන සේනාංකය සහ 64 වන සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් මෙම පාඨමාලාව සඳහා සහභාගි වූහ. මෙම පාඨමාලාවේ දේශන මූලතිව් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් පැවැත්වූ අතර ගුවන් සම්බන්ධිකරණ සහ ජල ආධාර බෝට්ටු පිළිබඳව මෙන්ම නිපුණතාවය සහ විශ්වාසනීය පුහුණුව විශේෂ බලකාය වෙතින් ලබාදුන්හ.

මෙම පාඨමාලාව සඳහා සියලු ස්ථාන නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට අධික පිරිසක් සහභාගි වූ අතර ඔවුන් අන්තර් ක්‍රියාකාරි සැසියක් සඳහා ද එක්විය. අවසන් සැසිය සඳහා 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ද එක්වූහ. trace affiliate link | balerínky