13th December 2018 19:33:14 Hours
Our Lady of Guadalupe පෙර පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අඟහරුවාදා (04) දින ත්‍රිකුණාමලය නගර සභා ශාලාවේ දී ත්‍රිකුණාමලය බිෂොප් අති උතුම් ආචාර්ය නොයෙල් එමානුවෙල් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදි බිෂොප් තුමන් විසින් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර එම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සිදුකරනු ලබන සේවය ඇගයුමට ලක් කරමින් එතුමන් වෙත සමරුතිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.
මෙම උත්සවය අතරතුරදී, බිෂෝප් පියතුමන් විසින් මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ත්‍රිකුණාමලයේ පිහිටි 22 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරී කරමින් සිටියදී ප්‍රදේශයේ සංහිඳයාව සහ ආගමික සහජිවනය ඇතිකරලීම සඳහා ගනු ලැබු මහඟු කැපකිරීම ඇගයුමට ලක් කළහ.
වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සංවිධානය කිරීමේ කටයුතු සඳහා යුද්ධ හමුදාව ලබාදෙන ලද සහයෝගය, මෙහිදි බී. ජෙයබාලන් පියතුමන් ප්‍රමුඛ පෙර පාසලේ ගුරුවරුන් විසින් ඇගයුමට ලක් කළහ.
මෙම උත්සවය සඳහා 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ, 221 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩි.පී.යු. ගුණසේකර, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් විශාල පිරිසක් සහභාගි වූහ. Sneakers Store | NIKE HOMME