2019-01-14 12:07:10
හංවැල්ල ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහකත්වය ඇතිව වැලිඔය කල්යානිපුර පාසලේ අධ්‍යාපනය හදාරණ සිසුන් 135 දෙනෙකුට අවශ්‍ය පාවහන්, අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ තොගයක් සිකුරාදා (11) දින එම පාසල් පරිශ්‍රයේ පැවැති උත්සවයකදී බෙදාදෙන ලදී.
2019-01-14 12:06:10
‘නායකත්වය සහ බලය’ පිළිබඳ දැනුවත් කිරීමේ එක් දින වැඩමුළුවක් 62 වන සේනාංකය විසින් කල්යානපුර බලඇණි පුහුණු පාසලේ දී බ්‍රහස්පතින්දා (10) දින පවත්වන ලද අතර ඒ සඳහා ප්‍රදේශයේ සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ. මෙම වැඩසටහන වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජේ.එම්.යු.ඩි. ජයසිංහ ගේ මඟපෙන්වීම යටතේ පැවැත්විණි.
2019-01-14 12:06:01
සීවම්නගර්, පුවරසන්කුලම් ප්‍රදේශයේ අසරණ වූ සිවිල් පවුලකට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංක මූලස්ථානය විසින් බ්‍රහස්පතින්දා (10) දින නිවසක් සැඳීම සඳහා අවශ්‍ය අමූද්‍රව්‍ය ලබාදෙන ලදී.
2019-01-14 12:05:45
යුද්ධ හමුදා පුහුණු අධ්යක්ෂ මණ්ඩලයේ උපදෙස් මත පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී පසුගියදා නිලධාරී විශීෂ්ඨතා පුහුණු පාඨමාලාවක් (OPEC) යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් යුතුව වෘත්තිමය වශයෙන් අදාල වන විවිධ ක්ෂේත්රයන්හි විෂය කරුණු පිළිබඳව අවබෝධයක් ලබාදෙමින් පවත්වනු ලැබීය.
2019-01-14 12:05:28
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 සහ 653 වන බලසේනාවන්හි සේවයේ නියුතු භට පිරිස් ජනවාරි මස 7 දින සිට 10 දින දක්වා ප්‍රජා සත්කාර ව්‍යාපෘතින් කිහිපයක් දියත් කළහ. ඒ අනුව, 652 වන බලසේනාව යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස්....
2019-01-14 12:03:15
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පසුගියදා නව තනතුරේ රාජකාරී භාරගත් පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක එස්.පී අබේයවර්ධන මහතා හමුවී තිරසාර සාමය හා සහජීවනය ඇති කිරීම කරා යන ගමනේ දී සමාජීය, සංස්කෘතික හා ආගමික කටයුතු සම්බන්ධීකරණය කිරීමේ හැකියාව පිළිබඳව සුහද අදහස් හුවමාරු කරගත්හ.
2019-01-14 12:00:04
23 වන සේනාංකය යටතේ වාකරේ ප්‍රදේශයේ ස්ථාපිත 233 වන බලසේනාවේ 26 වන බලසේනාධිපති ලෙස කර්නල් ආර්. ඇල්විටිගල ඉරිදා (06) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරී අරඹන ලදී. මීට ප්‍රථම, 233 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරී කල කර්නල් කේ.ඒ. සමරසිරි කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව කර්නල් ආර්. ඇල්විටිගල මෙලෙස නව ධූරයේ රාජකාරී භාරගන්නා ලදී.
2019-01-14 11:57:52
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් සියලුම ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දින 45 ක මූලික ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක් පවත්වනු ලැබීය. යුද්ධ හමුදා සාමාජිකයින් 26 දෙනෙකු සහභාගි වූ මෙම පාඨමාලාව 2018 සැප්තැම්බර් මස 29 වන....
2019-01-12 20:08:12
ප්‍රදේශයේ ජිවත්වන සියලු ජනතාව අතර සුහදත්වය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 222 වන බලසේනාවේ මූලිකත්වයෙන් සංවිධානය කරනු ලැබූ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය සඳුදා (07) දින කන්තලේ ප්‍රදේශයේ ක්‍රීඩා සමාජ 15 ක පමණ සහභාගීත්වයෙන් කන්තලේ භාතියගම මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
2019-01-12 16:48:35
නැගෙනහිර, වාකරේ ප්‍රදේශයේ පිහිටි 233 වන බලසේනාවේ භට පිරිස් මහරගම ටී.එන්. විජේතුංග මහතාගේ සහයෝගීත්වය ඇතිව බදාදා (02) දින කදිරවේලි පිහිටි තිලකවතියර් කාන්තා ළමා නිවාසයේ නේවාසික ළමුන් සඳහා පාසල් උපකරණ තොගයක් බෙදාදුන්හ.