Header

Sri Lanka Army

Defender of the Nation

14th January 2019 12:05:45 Hours

නිලධාරීන් 27 දෙනෙකු ‘Par-Excellence’ පාඨමාලා අංක 2 සාර්ථකව හදාරයි

යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදෙස් මත පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී පසුගියදා නිලධාරී විශීෂ්ඨතා පුහුණු පාඨමාලාවක් (OPEC) යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් යුතුව වෘත්තිමය වශයෙන් අදාල වන විවිධ ක්‍ෂේත්‍රයන්හි විෂය කරුණු පිළිබඳව අවබෝධයක් ලබාදෙමින් පවත්වනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා තරුණ නිලධාරීන්ගේ නිලධාරී ගුණාංග මෙන්ම තම රෙජිමේන්තුවට ආවේනික රාජකාරි සහ සමාජ තත්ත්වය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් පැවැති මෙම නිලධාරී විශීෂ්ඨතා පුහුණු පාඨමාලාවේ (OPEC) සැසිවාරයන් කොළඹ ගලධාරී හොටලයේ දී සහ සැන්ග්‍රීලා හෝටලයේ දී පැවැත්විණි.

මෙම පාඨමාලාව සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු සහ බලකායන් නියෝජනය කරමින් දෙවන ලුතිනන්, ලුතිනන් සහ කපිතන් නිලයේ නිලධාරීන් 27 දෙනෙකු සහභාගි වූහ.jordan release date | Nike News