Header

Sri Lanka Army

Defender of the Nation

14th January 2019 12:03:15 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්තුමන් හමුවේ

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පසුගියදා නව තනතුරේ රාජකාරී භාරගත් පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක එස්.පී අබේයවර්ධන මහතා හමුවී තිරසාර සාමය හා සහජීවනය ඇති කිරීම කරා යන ගමනේ දී සමාජීය, සංස්කෘතික හා ආගමික කටයුතු සම්බන්ධීකරණය කිරීමේ හැකියාව පිළිබඳ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

මෙම සුහද හමුවේදී අපේක්‍ෂිත අරමුණු ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය බලධාරීන් හා ආරක්‍ෂක හමුදාවන් අතර ඵලදායී සන්නිවේදනයක් අවශ්‍ය බව මේජර් ජෙනරාල් අරුණ ජයසේකර අවධාරනය කරන ලදී. තවද මෙහිදි ආඥාපතිතුමන් විසින් දිස්ත්‍රික් ලේකම් තුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරමින් නව තනතුරේ රාජකාරි භාරගැනීම වෙනුවෙන් සුභපැතුම් ද එක්කළහ.

එමෙන්ම, ආඥාපතිතුමන් පොළොන්නරුව ගල්විහාරයේ පූජ්‍ය කන්දකැටියේ අත්තදස්සි ස්වාමින් වහන්සේ හමුවී ආශිර්වාද ලබාගත්හ. latest jordans | Nike - Shoes & Sportswear Clothing