14th January 2019 12:06:01 Hours
සීවම්නගර්, පුවරසන්කුලම් ප්‍රදේශයේ අසරණ වූ සිවිල් පවුලකට වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංක මූලස්ථානය විසින් බ්‍රහස්පතින්දා (10) දින නිවසක් සැඳීම සඳහා අවශ්‍ය අමූද්‍රව්‍ය ලබාදෙන ලදී.
61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජි.ජේ. තිලකරත්න විසින් මෙම අසරණ පවුලට නව නිවසක් තනාගැනීම සඳහා අවශ්‍ය සෙවිලි තහඩු, සිමෙන්ති සහ ගඩොල් ලබාදීමට පියවර ගත්හ. ඒ අනුව, එම භාණ්ඩ ප්‍රවාහනය කරදීමට යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කටයුතු කළහ.
තවද මෙම අසරණ පවුලට නිවස ඉදිකිරීමෙන් අනතුරුව උද්‍යානයේ රෝපණය කිරීමට ආර්ථික වටිනාකමින් යුතු පැළ කිහිපයක් ද ප්‍රදානය කළහ. Nike footwear | NIKE