14th January 2019 12:06:10 Hours
‘නායකත්වය සහ බලය’ පිළිබඳ දැනුවත් කිරීමේ එක් දින වැඩමුළුවක් 62 වන සේනාංකය විසින් කල්‍යානපුර බලඇණි පුහුණු පාසලේ දී බ්‍රහස්පතින්දා (10) දින පවත්වන ලද අතර ඒ සඳහා ප්‍රදේශයේ සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ. මෙම වැඩසටහන වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජේ.එම්.යු.ඩි. ජයසිංහ ගේ මඟපෙන්වීම යටතේ පැවැත්විණි.
මෙම වැඩමුළුවේ දී 'ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවය', 'ස්ත්‍රි පුරුෂභාවය හා බලය', 'බලය භාවිතය හා නායකත්වය' යන කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලදී. තවද මෙම වැඩමුළුව සඳහා 62 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකක නියෝජනය කරමින් නිලධාරීන් 20 ක් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 60 ක පමණ පිරිසක් සහභාගි වූහ.
මෙම වැඩමුළුව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ප්‍රවීණ දේශකවරුන් වන සුමිකා පෙරේරා මහත්මිය, වේලුසාමී වීරසිංහම් මහතා සහ ජයන්ති කුරු-උතුම්පාල මහත්මිය විසින් මෙහෙයවන ලදී.Running sneakers | nike air max 95 obsidian university blue book list