2019-06-14 14:19:48
යුද්ධ හමුදාවේ නිලධාරීන් ඇතුළු සියළුම සාමාජිකයින්ගේ යහපත උදෙසා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලය විසින් පවත්වනු ලබන විවිධාකාර වැඩසටහන් අතරින් තවත් එක් වැඩසටහනක් ලෙස ‘පුද්ගලික සංවර්ධනය’ යන මැයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඉකුත් සදුඳා (13) දින වැලිකන්ද ප්‍රදේශයේ ස්ථාපිත නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේදී පවත්වන ලදී.
2019-06-14 13:19:48
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාවය, ක්‍රීඩාශීලි බව මෙන්ම අදාළ ක්‍රීඩාවන් වෙනුවෙන් ඔවුන් දක්වන නිපුණතාවය මැනවින් පිළිඹිබු කරමින් පවත්වන ලද වාර්ෂික දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල - 2019 හී සමාප්ති උත්සවය පසුගිය අඟහරුවාදා (11) දින කිළිනොච්චි වඩ්ඩකච්චි මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි.වි රවිප්‍රිය ගේ උපදෙස් මත එම ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා අවශ්‍ය ආරක්ෂාව ආරක්ෂක අංශ විසින් සපයන ලදී.
2019-06-14 12:59:26
ඉන්දු-ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡාව සඳහා පසුගියදා දිවයිනට පැමිණි ඉන්දිය හමුදා නියෝජිත පිරිසේ ප්‍රධානි මේජර් ජෙනරාල් සුචින්ද්‍ර කුමාර් (Major General Suchindra Kumar) ඇතුළු නියෝජිත පිරිස ඉකුත් බදාදා (12) දින මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව...
2019-06-14 10:54:48
ආරක්ෂක හමුදා සාමාජිකයින් විසින් කිලිනොච්චියේ පිහිටි 57 වන සේනාංක බලප්‍රදේශයේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව සහ සාමය කඩවන ආකාරයට ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්හි නියැළෙන පුද්ගලයන්ගෙන් මතුවිය හැකි ගැටළුකාරී තත්ත්වයන්ට විසදුම්...
2019-06-13 15:24:16
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 551 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අසංග පෙරේරා නියෝජනය කරන කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ 88 වන කණ්ඩායම විසින් කයිට්ස්, අරාලි තුඩුව ප්‍රදේශයේ ස්ථාපිත 17 වන ගැමුණු හේවා බලඇණියේ....
2019-06-13 15:06:53
අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා සංඥා බලකායේ (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සී.ජේ. අභයරත්න ගේ අවසන් කටයුතු පසුගිය අඟහරුවාදා (11) දින පූර්ණ යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්...
2019-06-13 13:20:52
ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ගරු දිරේන්ද්‍ර සින්ග් (HE Dhirendra Singh) ඉකුත් අඟහරුවාදා (13) දින මහනුවර ප්‍රදේශයේ සිදු කළ සංචාරයක් අතරතුර 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර හමුවිය.
2019-06-13 13:10:52
පුදුකුඩිඉරිප්පු, කොම්ඹවිල් ප්‍රදේශයේ ස්ථානගත 68 වන සේනාංක මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත නව ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල තැබීමේ උත්සවය ඉකුත් බදාදා (12) දින එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ආරියවංශ ගේ....
2019-06-13 13:00:52
65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පපෙරුම ගේ මඟපෙන්වීම සහ මෙහෙයවීම මත, 651 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ 11 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් වයිරවන් කෝවිල් පරිශ්‍රයේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී. මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 16 දෙනෙකු මෙන්ම සිවිල් වැසියන් 8 දෙනෙකු සිය ශ්‍රමදායකත්වය ලබා දී තිබිණි.
2019-06-13 12:55:52
යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් හමුදා සාමාජිකයින් වෙනුවෙන් සංවිධානය කරනු ලබන යෝග පුහුණු වැඩමුළුවක් ජූනි මස 12 දින සිට 22 දින දක්වා පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ගෘහස්ථ ක්‍රීඩාගාරය තුලදී ආරම්භ කෙරිණි.