Header

Sri Lanka Army

Defender of the Nation

14th June 2019 10:54:48 Hours

ආරක්‍ෂක හමුදාව පවතින ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව කිලිනොච්චිය ප්‍රදේශයේ සිවිල් වැසියන් දැනුවත් කරයි

ආරක්‍ෂක හමුදා සාමාජිකයින් විසින් කිලිනොච්චියේ පිහිටි 57 වන සේනාංක බලප්‍රදේශයේ පවතින ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව සහ සාමය කඩවන ආකාරයට ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්හි නියැළෙන පුද්ගලයන්ගෙන් මතුවිය හැකි ගැටළුකාරී තත්ත්වයන්ට විසදුම් ලබාගන්නා අන්දම පිළිබඳව සිවිල් වැසියන්ව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

මෙම දැනුවත් කිරිමේ වැඩසටහනට සමගාමීව 571 වන බලසේනාව යටතේ ස්ථාපිත 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ක්‍රිස්නපුරම්හීදී බ්‍රහස්පතින්දා (11) දින දේශනයක් සංවිධානය කරනු ලැබීය. තවද, ඒ හා සමාන වූ තවත් දැනුවත් කිරීමේ වැඩසටහනක් 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් සෙනසුරාදා (8) දින සෙල්වනගර්හීදී පවත්වා තිබිණි.

මෙම අවස්ථාව සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස්. හේවාවිතාරණ, 571 වන බලසේනාවේ බලසේනාධිපති සහ ඒකක අණදෙන නිලධාරීන් මෙකී දැනුවත් කිරීමේ වැඩසටහන්වලට නායකත්වය ලබාදුන් අතර එහිදී අදාළ ගම්මානවල ආරක්‍ෂක කමිටු සාමාජිකයන් සමගින් වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කර තිබිණි. Nike air jordan Sneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ