Header

Sri Lanka Army

Defender of the Nation

13th June 2019 13:10:52 Hours

68 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමට මුල්ගල තබයි

පුදුකුඩිඉරිප්පු, කොම්ඹවිල් ප්‍රදේශයේ ස්ථානගත 68 වන සේනාංක මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත නව ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල තැබීමේ උත්සවය ඉකුත් බදාදා (12) දින එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ආරියවංශ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

‘සෙත් පිරිත්’ සඡ්ඡායනා මධ්‍යයේ 68 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා සුභ මොහොතින් මුල්ගල තබන ලදී.

මෙම අවස්ථාව සඳහා 68 වන සේනාංකය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරීන් ඇතුළු සෙසු නිලයින් රැසක් ද එක්ව සිටියහ.Best Authentic Sneakers | 『アディダス』に分類された記事一覧