2019-07-16 17:36:52
සිවිල් වැසියන් ඔවුන්ට අදාළ නීතිමය ගැටළු නීති විශාරදයින්ගේ, පොලිසියේ සහ සිවිල් විශේෂඥයින්ගේ සහාය ඇතිව විසදාගන්නා ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඉකුත් සෙනසුරාදා (13) දින...
2019-07-16 17:34:21
පල්ලෙකැලේ ප්‍රදේශයේ පිහිටි 11 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගත් මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ඉකුත් සඳුදා (15) දින ශ්‍රී දළඳා මාලිගාව වැඳපුදා ගැනීම සඳහා පැමිණි අතර එහිදී, මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්හ.
2019-07-16 17:31:59
683 වන බලසේනාවේ නව බලෙස්නාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ කර්නල් නලින් හෙට්ටිආරච්චි ඉකුත් සඳුදා (8) දින පැවැති උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී. පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පිහිටි බලසේනා මූලස්ථානය වෙත සපැමිණි නව බලෙස්නාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.
2019-07-16 17:31:53
හැලුම්මහර, දෙකටන පිහිටි ‘බවුන්සෙත් මානසික සුවසෙවන’ භාවනා මධ්‍යස්ථානයේ දී ඉකුත් සිකුරාදා (07) දින පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් භාවනා වැඩසටහනක් පැවැත්වූණු අතර එම භාවනා වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාන්තා නිලධාරීණියන් තිදෙනෙකු සහ කාන්තා සෙබළියන් 43 දෙනෙකු සහභාගි වූහ.
2019-07-16 17:31:37
‘මත්ද්‍රව්‍ය නිවාරණ’ උපදේශකයින් ලෙස යුද්ධ හමුදා නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පුහුණු කිරීමේ දින 4 ක දීර්ඝ වැඩමුළුවක් පසුගිය ජූලි මස 9 සිට 12 දින දක්වා පැවැත්විණි.
2019-07-16 17:31:17
නික්මයන 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුර සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින නන්දිකඩාල් ප්‍රදේශයේ පිහිටි 59 වන සේනාංක මූලස්ථානයේ දී පිරිනමනු ලැබීය.
2019-07-16 15:15:18
මන්නාරම පිහිටි 54 වන සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් බණ්ඩාර ඉකුත් සඳුදා (08) දින එම සේනාංක මූලස්ථානයේ පැවැති උත්සවයකදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය.
2019-07-16 15:12:19
පොසොන් පොහෝ දිනට සමගාමීව, යක්කල, රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංග ගේ සංකල්පයකට අනුව පළමු වරට සංවිධානය කරනු ලැබූ පොසොන් බැතී ගී ප්‍රසංගය ජූනි මස 19 වන දින රණවිරු ඇපරල් කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.
2019-07-16 15:12:18
යාපනය අර්ධද්වීපයේ සිවිල් වැසියන් හා යුද්ධ හමුදා සාමාජිකයින් අතර සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත උතුරු ඉදිරි නඩත්තු පෙදෙස යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්...
2019-07-15 20:48:51
අලිමංකඩ හමුදා කඳවුරට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් තම මිතුරු හමුදා සෙබලුන්ගේ ජීවිතය බේරා ගැනීම උදෙසා 1991 ජුලි මස 14 වන දින සිය ජීවිතය පූජා කළ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් කෝප්රල් ගාමිණී කුලරත්න විරුවාගේ 28 වන සංවත්සරය ඉකුත්...