Header

Sri Lanka Army

Defender of the Nation

16th July 2019 17:31:17 Hours

59 වන සේනාංකයේ සේනාංකාධිපති සිය ධූරයෙන් නික්ම යයි

නික්මයන 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුර සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින නන්දිකඩාල් ප්‍රදේශයේ පිහිටි 59 වන සේනාංක මූලස්ථානයේ දී පිරිනමනු ලැබීය.

එහිදී පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට සහභාගි වූ නික්මයන සේනාංකාධිපතිතුමන් සේනාංකයේ සේවයේ නියුතු භටපිරිස් අමතනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 591, 592 හා 593 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. jordan Sneakers | Footwear