Header

Sri Lanka Army

Defender of the Nation

16th July 2019 17:31:53 Hours

දෙකටන දී යුද්ධ හමුදා කාන්තා නිලධාරීණියන් ඇතුළු කාන්තා සෙබළියන් වෙනුවෙන් තවත් භාවනා වැඩසටහනක්

හැලුම්මහර, දෙකටන පිහිටි ‘බවුන්සෙත් මානසික සුවසෙවන’ භාවනා මධ්‍යස්ථාන‍යේ දී ඉකුත් සිකුරාදා (07) දින පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් භාවනා වැඩසටහනක් පැවැත්වූණු අතර එම භාවනා වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාන්තා නිලධාරීණියන් තිදෙනෙකු සහ කාන්තා සෙබළියන් 43 දෙනෙකු සහභාගි වූහ.

මෙම භාවනා වැඩසටහන යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩලයේ ඉල්ලීමකට අනුව සංවිධානය කරනු ලැබීය. Running sport media | Nike Dunk - Collection - Sb-roscoff