2019-09-29 18:59:20
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික හා ශාරීරික කාර්යක්ෂමතාව සහ අධ්‍යාත්මික ආකල්ප ඉහළ නැංවීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබු යෝගා පුහුණු වැඩමුළුවේ දෙවන අදියර මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පැවැත්විණි.
2019-09-29 18:59:14
යක්කල රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංග ගේ උපදෙස් පරිදි රණවිරු ඇපරල් ආයතනයේ සේවය කරන සියළුම නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් සැප්තැම්බර් මස 20 සිට 21 දක්වා කාලය තුළ කතරගම සහ ඇඹිලිපිටිය ප්‍රදේශ ආශ්‍රීතව වාර්ෂික විනෝද චාරිකාවක නිරතවිය. රණවිරු ඇපරල් ආයතනයේ සේවකයින්...
2019-09-29 10:59:14
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අනුග්‍රහය ඇතිව චීනයේ සංස්කෘතික කණ්ඩායමක් විසින් චීනයේ හුබේයි සංගීත හා නර්තන ප්‍රසංගයක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉකුත් සිකුරාදා (27) දින කිලිනොච්ච්යේදී පැවැත්වු අතර මෙම නර්තන ප්‍රසංගය දැකබලාගැනීම සඳහා...
2019-09-27 15:34:07
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව අද (25) දින උදෑසන කොළඹ පිහිටි පොලිස් මුලස්ථානය වෙත සපැමිණි අතර එහිදී වැඩබලන පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2019-09-27 12:07:45
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ ලුතිනන් කර්නල්වරුන් 40 දෙනෙකු 2019 සැප්තැම්බර් 10 දින සිට බලලපැවැත්වෙන පරිදි කර්නල් නිලයට උසස් කර ඇත. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ආරක්ෂක අමාත්‍යාංශයේ...
2019-09-27 12:06:16
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 බලසේනාවේ භටපිරිස් විසින් ආගමික සහජීවනය සහ සිවිල් ප්‍රජාව සමඟ ඇති සුහදත්වය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින ත්‍රිකුණාමලය වෙරුගල් කෝවිල වෙත ‘පාද යාත්‍රාවේ’ (පාද වන්දනාවේ) පැමිණෙන බැතිමතුන්ට කෙටි ආහාර සහ පානීය ජල බෝතල් ලබාදුන්හ.
2019-09-27 08:07:45
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්යක්ෂ ජෙනරාල් ධම්මිකා මුතුගල මහතා කරන ලද ඉල්ලීමකට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැක්වූ ප්‍රතිචාරයක් ලෙස යුද්ධ හමුදා මුයිතායි සටන් කලා සාමාජිකයින් විසින් වැඩමුළුවක් සහ ආත්මාරක්ෂක සටන් කලා ප්‍රදර්ශනයක් සාලියාවැව ආදර්ශ විද්‍යාලයේදී පවත්වනු ලැබීය.
2019-09-27 06:07:45
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දියතලාව රෝහල, දියතලාව ආයුර්වේද රෝහල සහ දියතලාව යුද්ධ හමුදා රෝහල අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතින් කිහිපයක් ඉකුත් බදාදා (25) දින...
2019-09-26 16:03:38
මලයාලපුරම් ‘දුර්ගා පත්තිනි’ අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස්. ද සිල්වා ගේ මඟපෙන්වීම මත 571 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉකුත් ඉරිදා (22) දින දියත් කරන ලදී.
2019-09-26 15:00:06
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 10 වන වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා දිවයිනට පැමිණි පාකිස්තානු යුද්ධ හමුදාවේ විශේෂ සේවා කණ්ඩායමේ (Special Service Group) සේනාංකාධිපති...