Header

Sri Lanka Army

Defender of the Nation

27th September 2019 12:06:16 Hours

යුද්ධ හමුදා භටපිරිස් ‘පාද යාත්‍රාවේ’ නිරත බැතිමතුන්ට කෙටි ආහාර පාන ලබාදෙයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 බලසේනාවේ භටපිරිස් විසින් ආගමික සහජීවනය සහ සිවිල් ප්‍රජාව සමඟ ඇති සුහදත්වය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින ත්‍රිකුණාමලය වෙරුගල් කෝවිල වෙත ‘පාද යාත්‍රාවේ’ (පාද වන්දනාවේ) පැමිණෙන බැතිමතුන්ට කෙටි ආහාර සහ පානීය ජල බෝතල් ලබාදුන්හ.

නිරෝගීකම, සමෘද්ධිය සහ සෞභාග්‍ය සඳහා ආශිර්වාද ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් බැතිමතුන් සෑම වසරකම මෙම කෝවිලේ කතරගම දෙවියන්ට තම භාරයන් ඉටු කිරීම සඳහා මෙම වන්දනා ගමන පාගමනින් පැමිණෙයි. latest Nike release | jordan Release Dates