Header

Sri Lanka Army

Defender of the Nation

29th September 2019 18:59:20 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා යෝගා පුහුණු වැඩසටහනක්

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික හා ශාරීරික කාර්යක්ෂමතාව සහ අධ්‍යාත්මික ආකල්ප ඉහළ නැංවීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබු යෝගා පුහුණු වැඩමුළුවේ දෙවන අදියර මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී පැවැත්විණි.

මෙම යෝගා වැඩසටහන හිටපු ප්‍රවීණ නිළි අනෝජා වීරසිංහ මහත්මිය විසින් මෙහෙයවනු ලැබු අතර එහි පළමු අදියර 2019 මැයි 10 සිට 20 දින දක්වා පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේදී පවත්වන ලදී.

මෙම යෝගා පුහුණු පාඨමාලාව සඳහා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදෙස් පරිදි මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන් සය දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 68 දෙනෙකු සහභාගී වූහ. latest jordan Sneakers | Entrainement Nike