2024-09-19 11:25:17
The Synergia පදනම සහ නාලන්දා විශ්වවිද්‍යාලය සමඟ එ්කාබද්ධව 2024 සැප්තැම්බර් මස 12 සිට 14 දින දක්වා ඉපැරණි බුද්ධගයා පුදබිම හා බෞද්ධ සංස්කෘතික ඉතිහාසය පිළිබඳ වූ බුද්ධගයා - නාලන්දා විද්වත් සැසිය ඉන්දියාවේදී පවත්වනු ලැබීය.
2024-09-19 11:20:36
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් පී. විතානගේ 2024 සැප්තැම්බර් මස 18 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
2024-09-19 11:15:21
17(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව සහභාගී වූ බලඇණි පුහුණු පාඨමාලාව 2024 සැප්තැම්බර් මස 04 දින ආලංකුලම පාබල බලඇණි පුහුණු පාසලේදී සාර්ථකව අවසන් කරනු ලැබූ අතර, අවසන් දින පැවති උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
2024-09-19 11:00:53
232 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 4 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය මත එරාවුර් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ලක්ෂ 25 කට ආසන්න වටිනාකමකින් යුත් නව නිවසක් ඉදිකරදෙන ලදී.
2024-09-18 17:10:34
විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 64 වන මාණ්ඩලික ප්‍රධානී සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ 22 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 සැප්තැම්බර් මස 15 දින කුරුණෑගල, බෝයගනේ ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2024-09-18 17:08:47
59 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 2024 සැප්තැම්බර් මස 16 දින එම සේනාංක මූලස්ථානයේදී ආගමික වත්වත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.
2024-09-18 13:49:42
මඩුකන්ද ජාතික පාසලේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව 2024 සැප්තැම්බර් මස 13 දින එම විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
2024-09-17 21:30:38
22 පාබල සේනාංකයේ 31 වන සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2024 සැප්තැම්බර් මස 16 දින එම සේනාංක මූලස්ථානයේ පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
2024-09-17 21:24:38
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 සැප්තැම්බර් මස 16 දින 571 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හී නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
2024-09-17 16:07:32
ශ්‍රී ලංකා ඔරු පැදීමේ ජාතික සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘8 වන ජාතික ඔරු පැදීමේ ජාතික ශූරතාවලිය’ 2024 සැප්තැම්බර් මස 14 සිට 16 දින දක්වා යාපනය, මන්ඩතිව් ප්‍රදේශයේ පිහිටි යාත්‍රා සමාජ ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ, නාවික හා ගුවන් හමුදාව, සීල් සමාජය, යුනිවර්සල් සමාජය, CINEC සමාජය සහ ශාන්ත බ්‍රිජට් සමාජය ඇතුළු විවිධ සමාජයන් සහ කණ්ඩායම් සහභාගි වූහ.