Header

Sri Lanka Army

Defender of the Nation

17th September 2024 21:30:38 Hours

22 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

22 පාබල සේනාංකයේ 31 වන සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2024 සැප්තැම්බර් මස 16 දින එම සේනාංක මූලස්ථානයේ පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. අනතුරුව, එම සේනාංක මූලස්ථානයේ අභිවෘද්ධිය සහ අඛණ්ඩ පැවැත්ම සංකේතවත් කරමින් නව සේනාංකාධිපතිතුමන්ගේ සුරතින් එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර භටපිරිස් ආමන්ත්‍රණය කළේය.

මෙම අවස්ථාව සඳහා 22 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ.