Header

Sri Lanka Army

Defender of the Nation

18th September 2024 17:08:47 Hours

59 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

59 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී 2024 සැප්තැම්බර් මස 16 දින එම සේනාංක මූලස්ථානයේදී ආගමික වත්වත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ.

මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නව සේනාංකාධිපතිතුමන් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනීසිටියේය.

ඉන් අනතුරුව, නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කළ නව සේනාංකාධිපතිතුමන් සේනාංකයේ අභිවෘද්ධිය උදෙසා එතුමන් සතු දැක්ම පිළිබඳ ප්‍රකාශ කළේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.

මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.