Header

Sri Lanka Army

Defender of the Nation

19th September 2024 11:25:17 Hours

කර්නල් එම්.බී.බී.එන්. හේරත් ඉන්දියාවේ බුද්ධගයා - නාලන්දා විද්වත් සැසියේදී දේශනයක් පවත්වයි

The Synergia පදනම සහ නාලන්දා විශ්වවිද්‍යාලය සමඟ එ්කාබද්ධව 2024 සැප්තැම්බර් මස 12 සිට 14 දින දක්වා ඉපැරණි බුද්ධගයා පුදබිම හා බෞද්ධ සංස්කෘතික ඉතිහාසය පිළිබඳ වූ බුද්ධගයා - නාලන්දා විද්වත් සැසිය ඉන්දියාවේදී පවත්වනු ලැබීය.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ මාධ්‍ය හා මාධ්‍ය ප්‍රකාශක සහ ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් කර්නල් එම්.බී.බී.එන්. හේරත් ආර්එස්පී විසින් හරවත් දේශනයක් පවත්වමින් බිම්ස්ටෙක් සංවිධානයේ (BIMSTEC) වත්මන් සහ අනාගත අභියෝග පිළිබඳවත් ඒ ඔස්සේ සිදුවන බලපෑම් හා අනාගත පරම්පරාවන් හැඩගස්වාගැනීම තුළින් අභියෝග ජයගැනීම සඳහා කලාපීය රටවල සංස්කෘතියන්හි මූලිකාංග උපයෝගී කරගත හැකි ආකාරය පිළිබඳවත් එතුමන් සතු දැනුම ලබාදුන්නේය.

දේශගුණික විපර්යාස සහ අසමානතාවය, බුදුදහමේ දාර්ශනික සම්ප්‍රදායන් සහ නාලන්දාවේ උරුමය වැනි ගෝලීය අභියෝග පිළිබඳ අර්ථවත් සංවාදයක් ද මෙහිදී සිදුකෙරිණි. විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් මෙම සැසියේදී ශිෂ්ඨාචාර එක්ව තබන සංස්කෘතික උරුමයන් පිළිබඳ කරුණු සාකච්ඡා කළ අතර, නවීන අභියෝග සඳහා එම දැනුම උපයෝගී කරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ද අවධාරණය කරගත්හ.