2019-12-03 15:40:34
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකය යටතේ ඇති 622 වන බලසේනාවේ 9 වන සංවත්සරය දිනය නිමිත්තෙන් ඉකුත් ඉරිදා (1) දින එම බලසේනා මූලස්ථානයේදී ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක් සිදු කරන ලදී.
2019-12-03 15:39:48
පහමිණියාගම සිරිසමාධි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමකට අනුව ඉකුත් සෙනසුරාදා (30) දින 53 වන සේනාංකයේ භටපිරිස් විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත්වූ අතර එහිදී, සල් පැළ (Cannon ball), විවිධ පළතුරු පැළ සහ ඖෂධ පැළ තොගයක් රෝපණය කරන ලදී.
2019-12-03 15:38:35
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ඉකුත් බදාදා (27) දින සිය ප්‍රථම නිල සංචාරය සිදු කරමින් එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 211 බලසේනාව, 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාන්තා බලකාය, 2 (ස්වේච්ඡා) විජයබාහු පාබල....
2019-12-03 15:37:23
යුද්ධ හමුදාව විසින් කරනු ලබන ඉල්ලීමකට අනුව පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවති ‘ලක්විරු’ අධ්‍යාත්මික භාවනා වැඩසටහන ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවැත්වූ අතර එම අවස්ථාව සඳහා නිලධාරීන් පස්දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් හැත්තෑ හත් දෙනෙකු සහභාගි වූහ.
2019-12-03 15:36:19
ශ්‍රී ලංකාවේ සියළුම ස්වාධීන මාධ්‍ය සංවිධාන ජාත්‍යන්තර බහු ප්‍රකාශකයින් සමඟ එක්ව කීර්තිමත් ව්‍යවසායකයින්, වෛද්‍ය විශේෂඥයින්, සමාජ ක්‍රියාකාරීන්, විද්වතුන්, කලාකරුවන්, මාධ්‍ය ප්‍රවීණයන් සහ රටේ සංවර්ධනය, සංහිඳියාව හා සමෘද්ධිය උදෙසා වටිනා...
2019-12-02 20:41:07
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරතව එම රෙජිමේන්තුවේ පාලන පරික්ෂාවක් සහ ඒ යටතේ ඇති ඒකකවල සුභසාධන කටයුතු...
2019-12-01 10:09:27
මධ්‍යම අරක්ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (30) දින රාත්‍රියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ අධික වර්ෂාපතනය මධ්‍යයේ සිදු වු නායයෑම හේතුවෙන් විපතට පත්වූවන් සෙවීමේ ක්‍රියාන්විතයක් සඳහා රපෝර්තු කල අතර එම ක්‍රියාන්විතය මේ වන විටද සිදු කරමින් පවතී.
2019-11-30 22:34:16
දශක තුනකට අධික කාලයක් පුරා තම රට වෙනුවෙන් සිදු කළ නිකලැල් හා කැපවූ සේවය නිම කර තව නොබෝ දිනකින් යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරාල් එල්.එෆ්. කස්තුරිආරච්චි බ්‍රහස්පතින්දා (28) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි නව යුද්ධ හමුදා මූලස්ථානයේදී...
2019-11-30 22:15:16
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘තුරු සිරස’ දැවැන්ත වන වගා ව්‍යාපෘතිය යටතේ එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ මූලිකත්වයෙන් නැගෙනහිර පළාතේ ජීවත් වන සිවිල් වැසියන් හා යුද්ධ හමුදා සාමාජිකයින් අතර වාර්තාගත ලෙස කොස් පැළ 40,000 ක් බෙදා හැරීමට පියවර ගෙන තිබේ.
2019-11-30 22:00:16
කුසලතා සංවර්ධනය පිළිබඳ කනිෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්යක්ෂ මණ්ඩලය ‘මෘදු කුසලතා’ ජාත්‍යන්තර ආයතනය (Soft Skills International Ltd) සමඟ සම්බන්ධතාවයෙන් නොවැම්බර් මස 25 සිට 29 දක්වා දින පහක් පුරා යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.