Header

Sri Lanka Army

Defender of the Nation

02nd December 2019 20:41:07 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ පාලන පරීක්ෂාවක නිරතවේ

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරතව එම රෙජිමේන්තුවේ පාලන පරික්‍ෂාවක් සහ ඒ යටතේ ඇති ඒකකවල සුභසාධන කටයුතු පිළිබද නිරීක්‍ෂණයක ද නිරත විය.

විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තුමන් ප්‍රධාන දොරටුව අභියසදී විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රෝහන කැටකුඹුර විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමීය.

ඉන් අනතුරුව ‘සැලූට්’ නැමැති (Salute) ශ්‍රවණාගාරයේදී එකී පාලන පරීක්‍ෂාව ආරම්භ වූ අතර එහිදී විජයබාහු පාබල රෙජිමේන්තුවේ සියළු ඒකක නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සාකච්ඡා හා විසඳුම් සඳහා ඔවුන්ගේ පරිපාලනමය කරුණු එතුමන් වෙත ඉදිරිපත් කළහ. එම අවස්ථාවේදී කෙටි දේශනයක් සිදු කළ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් විසින් එම ගැටළු නිරාකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව කරුණු අවධාරණය කළේය.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදාවේ අධ්‍යක්‍ෂවරුන් කිහිපදෙනෙකු ඇතුළු නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ. buy shoes | Nike nike dunk high supreme polka dot background , Gov