Header

Sri Lanka Army

Defender of the Nation

30th November 2019 22:34:16 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරාල් කස්තුරිආරච්චි ගේ සේවය ඇගයූමට ලක් කරයි

දශක තුනකට අධික කාලයක් පුරා තම රට වෙනුවෙන් සිදු කළ නිකලැල් හා කැපවූ සේවය නිම කර තව නොබෝ දිනකින් යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරාල් එල්.එෆ්. කස්තුරිආරච්චි බ්‍රහස්පතින්දා (28) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි නව යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් අතීත මතකයන් සිහිපත් කළ අතර නුඳුරේදී විශ්‍රාම යාමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අනාගත සැලසුම් සහ වෙනත් උත්සාහයන් පිළිබඳ ද සුහදව අදහස් හුවමාරු කරගත්හ.

මෙම සුහද හමුව අවසානයේ, යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක ලෙස රාජකාරී කළ මේජර් ජෙනරාල් කස්තුරිආරච්චි වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළේය. එහිදී, මේජර් ජෙනරාල් කස්තුරිආරච්චි මෙම අවස්ථාව ලබාදීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ට ස්තූතිය පුද කළේය.

වර්ෂ 1983 පෙබරවාරි මස 14 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයට එක්වූ මේජර් ජෙනරාල් කස්තුරිආරච්චි යුද්ධ හමුදා දිවිය තුළදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ කීර්තිමත් තනතුරු රැසක් හොබවා ඇත. Running Sneakers | Ανδρικά Nike