30th November 2019 22:15:16 Hours
නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘තුරු සිරස’ දැවැන්ත වන වගා ව්‍යාපෘතිය යටතේ එම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ මූලිකත්වයෙන් නැගෙනහිර පළාතේ ජීවත් වන සිවිල් වැසියන් හා යුද්ධ හමුදා සාමාජිකයින් අතර වාර්තාගත ලෙස කොස් පැළ 40,000 ක් බෙදා හැරීමට පියවර ගෙන තිබේ.
නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් සිකුරාදා (29) දින අරලගංවිල විද්‍යාල පරිශ්‍රයේදී මෙම ව්‍යාපෘතියේ පළමු පැළ 500 රෝපණය කරනු ලැබීය.
තවද, එවැනි රුක්රෝපණ ව්‍යාපෘතියක් සඳහා මහවැලි බී කලාපයේ කලාපීය ව්‍යාපෘති කළමනාකාර තුෂාර දන්තනාරායන මහතා විසින් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
අරලගංවිල විද්‍යාලයේ පැවති රුක්රෝපණ වැඩසටහන සඳහා 23 වන සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවයෙන් නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට අධික පිරිසක් සහභාගීවූ අතර නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ඇතුළු 233 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. Nike Sneakers Store | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ