Header

Sri Lanka Army

Defender of the Nation

30th November 2019 22:00:16 Hours

‘ස්වයං සංවර්ධනය’ පිළිබඳ වැඩමුළුවකට කනිෂ්ඨ නිලධාරීන් සහභාගී වෙයි

කුසලතා සංවර්ධනය පිළිබඳ කනිෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය ‘මෘදු කුසලතා’ ජාත්‍යන්තර ආයතනය (Soft Skills International Ltd) සමඟ සම්බන්ධතාවයෙන් නොවැම්බර් මස 25 සිට 29 දක්වා දින පහක් පුරා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ සංකල්පයකට අනුව දියත් කරන ලද මෙම වැඩසටහන ජාත්‍යන්තර මෘදු නිපුණතා අධ්‍යක්‍ෂ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරි සුලක්‍ෂණ ප්‍රනාන්දු මහතා සහ (විශ්‍රාමික) කපිතාන් සුමේද මිරිහාන විසින් මෙහෙයවනු ලැබීය.

කථන ශිල්ප, පෞරුෂ සංවර්ධනය, ස්වයං සංවර්ධනය හා විශ්වාසය වැනි මාතෘකා ආවරණය වන පරිදි දින 5 ක් පුරා පැවති මෙම පුහුණු වැඩසටහන සඳහා 51, 52 හා 55 වන සේනාංකය නියෝජනය කරමින් නිලධාරීන් 25 දෙනෙකු සහභාගී වූහ.

අවසාන දිනයේදී සම්පත්දායකයින් සමඟ සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වූ මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මෙම වැඩසහන සාර්ථක කරගැනීම සඳහා ඔවුන් දැක්වූ දායකත්වය අගය කළේය. Running sneakers | Gifts for Runners