2020-05-11 07:47:19
2 වන ශ්‍රි ලංකා පොදුසේවා බලකායේ භට පිරිස් වෙසක් පොහොය දිනයට සමගාමීව විවිධ දුෂ්කරතා මධ්‍යයේ බොරැල්ල ප්‍රෙද්ශයේ ජීවත්වන සිවිල් වැසියන් අතරේ, වියළි ආහාර සලාක මළු 30ක් සහ නැව්ම් එළවළු පාර්සල් තොගයක් ඉකුත් බ්‍රහස්පතින්දා (7) දින බෙදාදෙනු ලැබීය. මෙම පරිත්‍යාග සඳහා 2 වන ශ්‍රි ලංකා පොදුසේවා බලකායේ අණදෙන නිලධාරීගේ මව වන මානෙල් දෙව්මිණි මහත්මිය විසින් දායකත්වය දක්වනු ලැබීය.
2020-05-11 07:43:59
මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂකතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ගරු ලින්ටන් ජෝෂප් පියතුමන් විසින් පනාගොඩ ක්‍රීඩා ගම්මානයේ රැදි සිටින යුද්ධ හමුදා සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් දේශණ සිදු කළ අතර, කර්නල් වෛද්‍ය මොණරාගල සහ එතුමන්ගේ කණ්ඩායම බොරුපන ප්‍රදේශයේ පිහිටි 4 වන (ස්වේච්ඡා) ඉංජිනේරු බලකායේ ද, ලුතිනන් කර්නල් බී.ජී.එස් සමන්ති විසින් බියගම විලේජ් හෝටලයේ හුදකලා මධ්‍යස්ථානයේ රැඳී සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ද ධනාත්මක චින්තනය වර්ධනය කිරිමේ අරමුණින් විශේෂ දේශණයන් සිදු කරන ලදී.
2020-05-10 18:08:47
අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අභිනවයෙන් ඉදිකරන ලද යස්ටිය රඳවන ස්ථානය ඉකුත් සෙනසුරාදා එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදා පාබල අධ්යක්ෂ මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ගේ ප්‍රධානත්වයෙන් පැවති කෙටි උත්සවයකදී විවෘත කරනු ලැබිණි.
2020-05-10 15:08:47
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 57 වන සේනාංකයට අයත් 572 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින් ඉකුත් සෙනසුරාදා (09) දින කිළිිනොච්චි නගරයේ මහජනතාව භාවිතා කරනු ලබන පොදු ස්ථාන විෂබීජහරණය කරනු ලැබිණි.
2020-05-09 11:56:17
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් පවුල් වෙනුවෙන් හිසට සෙවනක් ලබාදීමේ අරමුණින් යුතුව දියත් කරමින් සිටින නිවාස ව්‍යාපෘතියේ තවත් එක් අදියරයක් ලෙස එප්පාවල ඉහළ හල්මිල්ලෑව ගම්මානයේ ජීවත්වන පවුලක් වෙනුවෙන් ඉදි කළ නව නිවහන ඉකුත් බදාදා (6) දින පැවති උත්සවයකදී නිවාස හිමියා වෙත භාරදෙනු ලැබීනි.
2020-05-09 08:45:38
වෙසක් පොහෝය දිනය නිමිති කරගෙන පනාගොඩ යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සහයෝගය ඇතිව යාපනයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් (07) දින යාපනය ප්‍රදේශයේ පිහිටි තොන්ඩමන්නාරු, කේරුඩාවිල්, වැල්වැටිතුරේ, අවරංගල්, නවාලියැටල්, කෙට්ප්ලි, මිරුසුවිල්, පවසික්කුලම්, කයිතඩි, චවකච්චේරි, කඩෙයිකාඩු...
2020-05-09 08:40:38
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 68 වන සේනාංකයේ 683 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 7 වන ගැමුණු හේවා බළකාය සහ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව එක්ව වෙසක් දිනය නිමිත්තෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (07) දින නන්දිකඩාල් ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් අතර පිසින ලද ආහාර පාර්සල් සහ අතුරුපස බෙදාදෙනු ලැබූහ.
2020-05-09 08:38:38
වෙසක් සතිය නිමිත්තෙන් පුත්තලම, තබ්බෝව ප්‍රදේශයේ පිහිටි 143 වන බලසේනාවේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (05) දින මහකුඹුක්කඩවල සහ පල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ වෙසෙන අවශ්‍යතා සහිත පවුල් අතර රුපියල් 1500 ක වටිනාකමකින් යුත් වියළි සළාක පාර්සල් 100 ක් පරිත්‍යාග කරනු ලැබිණි.
2020-05-09 08:35:38
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කොවිඩ් - 19 වෛරසය පාලන කටයුතු වන නිරත භටපිරිස්, එම වෛරසයෙන් මියගිය පුද්ගලයින් සහ යුද්ධයෙන් මියගිය විරෝධාර රණවිරුවන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමේ අරමුණින් වෙසක් පුුර පසලොස්වක පොහෝ දින දානමය පිංකමක් සංවිධානය කර තිබිණි.
2020-05-09 08:31:38
58 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගේ සහභාගිත්වයෙන් එම සේනාංකයේ භටපිරිස් විසින් වෙසක් පොහොය නිමිති කරගෙන ඉකුත් බ්‍රහස්පතින්දා (7) දින පුත්තලම ලූරදු මාතා වැඩිහිටි නිවාසය වෙත දිවා ආහාරය ලබාදෙන ලදී.