09th May 2020 08:31:38 Hours
58 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගේ සහභාගිත්වයෙන් එම සේනාංකයේ භටපිරිස් විසින් වෙසක් පොහොය නිමිති කරගෙන ඉකුත් බ්‍රහස්පතින්දා (7) දින පුත්තලම ලූරදු මාතා වැඩිහිටි නිවාසය වෙත දිවා ආහාරය ලබාදෙන ලදී.
මෙම වැඩසටහනේදී වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 31 දෙනෙකුට ද්‍රව්‍ය ඇතුලත් රුපියල් 1500 ක වටිනාකමකින් යුත් පාර්සල් පරිත්‍යාගය කළේය.
මෙම පරිත්‍යාගය සඳහා 58 වන සේනාංකයේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් අනුග්‍රහය දැක්වීය.
මේ අතර, කල්අඩිය සහ නෙලුම් වැව යන ගම්මානවල විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වෙන පවුල් සඳහා භට පිරිස් විසින් පිසු ආහාර පාර්සල් 120 ක් ද පරිත්‍යාග කරන ලදී. Authentic Nike Sneakers | Air Jordan