Header

Sri Lanka Army

Defender of the Nation

10th May 2020 15:08:47 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් කිළිනොච්චි නගරය විෂබීජහරණය කරති

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 57 වන සේනාංකයට අයත් 572 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින් ඉකුත් සෙනසුරාදා (09) දින කිළිිනොච්චි නගරයේ මහජනතාව භාවිතා කරනු ලබන පොදු ස්ථාන විෂබීජහරණය කරනු ලැබිණි.

එහිදී, යුද්ධ හමුදා සාමාජිකයින් A9 මාර්ගය දිගේ කිලෝමීටර් 03 ක් දුරට පිහිටි බැංකු, රජයේ කාර්යාල, පෞද්ගලික අංශයේ ගොඩනැගිලි, සාප්පු සහ ආගමික ස්ථාන ආදී ස්ථානයන්හී විෂබීජහරණය සිදු කරනු ලැබිණි.

මෙම ව්‍යාපෘතිය කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ මඟපෙන්වීම ඇතිව 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස් ශිවා සහ බ්‍රිගේඩියර් ඩී.එම්.පී.පී දිසානායක ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් ක්‍රියාත්මක කරනු ලැබිණි. 7 වන ශ්‍රී ලංකා පාබල හමුදා අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් මෙම ව්‍යාපෘතිය සඳහා සිය දායකත්වය දැක්වූහ. Adidas footwear | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers