09th May 2020 08:38:38 Hours
වෙසක් සතිය නිමිත්තෙන් පුත්තලම, තබ්බෝව ප්‍රදේශයේ පිහිටි 143 වන බලසේනාවේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (05) දින මහකුඹුක්කඩවල සහ පල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ වෙසෙන අවශ්‍යතා සහිත පවුල් අතර රුපියල් 1500 ක වටිනාකමකින් යුත් වියළි සළාක පාර්සල් 100 ක් පරිත්‍යාග කරනු ලැබිණි.
මෙම පුණ්‍ය කටයුත්ත බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සහ 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.එම්.ටී.බී හන්ගිලිපොලගේ පඟපෙන්වීම යටතේ සිදුකරනු ලැබිණි.143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.එම්.පී.ඩී. දිසානායක සහ ‘පිංපොත සහෘදයන්’ සංගමයේ සමාජිකයින්ගේ සහයෝගය ඇතිව එම්.ආර්. අශාන් විජේකෝන්, බලසේනවේ නිලධාරින්, සෙසු නිලයින් සහ පල්ලම ප්‍රාදේශීය ලේකම් ලක්ෂිමා දිමුතු කුමාරි මහත්මිය විසින් මෙම වියළ සලාක පාර්සල් බෙදාදෙනු ලැබිණි. Best jordan Sneakers | Nike SB