2020-05-18 23:35:23
එස්කිමෝ ෆැෂන් නිට්වෙයාර් ලංකා සීමාසහිත සමාගමේ නියෝජිතයින් ඉකුත් සඳුදා (18) දින 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර එම සේනාංක මුලස්ථානයේදී හමුවී යළිත් වරක් භටපිරිස් වෙත සිය සහයෝගය දක්වමින් මුඛ ආවරණ 1000 ක් පරිත්‍යාග කරන ලදී.
2020-05-18 23:30:23
ජනප්‍රිය ‘හිරු’ රූපවාහිනි නාලිකාවේ අද (18) දින පැවැති ‘රට සහ හෙට’ වැඩසටහනට එක්වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රෝෂාන් ගුණතිලක, අද්මිරාල් ඔෆ් ද ෆිලිට් වසන්ත කරන්නාගොඩ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් (විශ්‍රාමික) දයාරත්නායක...
2020-05-17 19:44:53
ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික රණවිරු ස්මාරකය අභියසදී අඟහරුවාදා (19) දින පැවැත්වීමට නියමිත ජාතික රණවිරු අනුස්මරණ උත්සවයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ...
2020-05-17 16:50:53
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත කුවෙට් සිට ශ්‍රී ලාංකීකයන් 466 දෙනෙකු අද (17) දින උදෑසන KU 1451 සහ KU 1453 දරණ මගී ගුවන්යානවලින් දිවයිනට පැමිණි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
2020-05-17 16:44:54
එල්ටීටීඊ ත්‍රස්තවාදය තුරන් කර වසර 11 ක් සපිරෙන මේ මෙහොතේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ විකාශය වන ජනප්‍රිය වැඩසටහනක් වූ නුගසෙවණට අද (18) දින එක්වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති මෙන්ම කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර...
2020-05-17 16:44:53
යුද්ධ හමුදා මුලස්ථානයේ නව පාබල අධ්යක්ෂ ජෙනරාල් ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරාල් දේශප්‍රිය ගුණවර්ධන ඉකුත් බ්‍රහස්පතින්දා (14) දින පැවැති චාම් උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
2020-05-17 13:44:53
අනුරාධපුර ජාතික මහ රෝහලේ රුධිර පාරවිලයන ඒකකය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ගජබා රෙජිමේන්තුව සෙබළුන් 200 කට අධික ප්‍රමාණයක් ඉකුත් සිකුරාදා (16) දින පිළිකා, වකුගඩු හා නිදන්ගත රෝග මෙන්ම තැලසීමියා රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ යහපත සඳහා ඔවුන් වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.
2020-05-17 04:58:01
වෑතර ග්‍රාමීය රෝහලේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස්හි ශ්‍රමදායකත්වය සහ තාක්ෂණය යොදාගනිමින් සතිදෙකක කාලසිමාවක් ඇතුලත එම රෝහලේ බාහිර රෝගී අංශය ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.
2020-05-17 03:58:01
ගැමුණු හේවා බලකාය වෙත පිරිනමා ඇති ජනාධිපති වර්ණයන්ට ගෞරවයක් හා පිළිගැනීමක් එක් කරමින් ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති, අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මණ්ඩලික හා යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති මේජර් ජෙනරාල් ටි.බී. බන්සජායා ගේ සංකල්පයකට අනුව එළඹෙන ජාතික රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව දියතලාවේ පිහිටි 1 වන ගැමුණු හේවා බළඇණි පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද විශේෂ ‘වර්ණ මණ්ඩපයක්’ තුළ එම වර්ණ ධජ තැන්පත් කරන ලදී.
2020-05-17 02:58:01
233 බලසේනාවේ භට පිරිස් විසින් සෙනසුරාදා (16) කුන්ජන්කුලම් ගම්මානයේ ජිවත් වන පවුල් 70 කට මඩකලපුව සිංහ සමාජයේ අනුග්‍රහය ඇතිව වියළි සළාක පාර්සල් 70 ක් බෙදාදෙන ලදී. සිංහ සමාජයේ සාමාජිකයින් බලසේනාධිපතිතුමන් සමඟ සම්බන්ධ වී එම වියළි ආහාර සලාක පාර්සල් තොගයක් තෝරාගත් අසරණ ජනතාව වෙත සාධාරණ අයුරින් බෙදාදීමට අවශ්‍ය සහයෝගය යුද්ධ හමුදාවෙන් ඉල්ලා සිටියහ.