2020-01-18 09:40:40
සිකුරාදා (17) දින සන්ධ්‍යාවේ වව්නියාව මන්නාරම මාර්ගයේ නීරියකුලම් ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි යුද්ධ හමුදා භටයින් විසින් මන්නාරම පෞද්ගලික බස් රථයක සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 6.8 ක පමණ කේරල ගංජා තොගයක් සහ ජෙලනයිට් කූරු 51 ක් සොයා ගන්නා ලදී. වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ...
2020-01-18 08:45:40
යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය සහ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලය එක්ව බළඇණි මට්ටමින් උපදේශණ නිලධාරීන් පුහුණු කිරීමේ දෙවන අධියර ඉකුත් සිකුරාදා (17) දින වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී ආරම්භ කෙරිණි.
2020-01-18 08:30:40
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් දාම කළමනාකරණ අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමන් (පාර්ලිමේන්තු මන්ත්‍රි) සමඟ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත් මහතා සහ තවත් නිලධාරීන් කිහිපදෙනෙකු ඉකුත් සිකුරාදා (17) දින උතුරේ සිදුකළ නිරික්ෂණ සංචාරයක් අතරතුර යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය වෙත පැමිණියහ.
2020-01-18 08:20:40
යුරෝපා සංගමයෙහි ශ්‍රී ලංකා සහ මාලදිවයින් තනාපති අතිගරු ඩෙනිස් චයිබි (Mr Denis Chaibi) මහතා ඇතුළු දූත පිරිසක් ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින උතුරේ සංචාරයක නිරත වු අතර එහිදි යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය හමුවී සාකච්ඡාවක නිරත විය.
2020-01-17 23:15:21
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි. සිරිසේන පසුගියදා යාපනය ප්‍රදේශයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
2020-01-17 22:54:21
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් තවත් සුභසාධන ව්‍යාපෘතියක් ඉකුත් ඉරිදා (12) දින ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ විවිධ සමාජ සේවා ව්යාපෘතියින්හී ත්‍යාගශීලිත්වය ඇතිව පදවි, මාමදුව, බොගස්වැවා සහ මහකච්චිකුඩිය...
2020-01-17 22:51:26
තෛයිපොංගල් (15) දින සවස නැගෙනහිර නාගර්කොවිල්, වඩමරාච්චි ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි සෙබළුන් පිරිසක් සහ තරුණයින් පිරිසක් අතර ඇති වූ බව කියන ගැටුමක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය සහ යුද්ධ හමුදා පොලිසිය එක්ව පුළුල් පරීක්ෂණ පවත්වයි.
2020-01-17 22:35:26
යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තුව සිය 70 වන සංවත්සරය පනාගොඩ පිහිටි ඉංජංනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය 10 සහ 11 යන දිනයන් තුළ දී හමුදා සම්ප්‍රදායානූකූල විචිත්‍රවත් වැඩසටහන් රාශියක් සමගින් පවත්වනු ලැබීය.
2020-01-17 22:15:26
12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස්. ඒ. තිලකරත්න ගේ උපදෙස් පරිදි 122 වන බලසේනාවට අනියුක්තව සේවයේ නිරත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් බදාදා (15) දින කතරගම වැඩිහිටිකන්දේ ශ්‍රමදානමය වැඩසටහනක් දියත් කරනු ලැබීය.
2020-01-17 21:51:26
තෛපොංගල් දිනය යෙදී තිබු ඉකුත් බදාදා (15) දින මුලතිව් භටපිරිස් ප්‍රදේශයේ යුද්ධ හමුදා භටයින් සහ හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් වටප්පලෙයි හින්දු කෝවිලෙහි විශේෂ පූජාවක් පැවැත්වීමට එක් වූහ.