Header

Sri Lanka Army

Defender of the Nation

18th January 2020 09:40:40 Hours

යුද්ධ හමුදා භටයින් බස් රථ දෙකකින් පුපුරණ ද්‍රව්‍ය සහ ගංජා සොයා ගනී

සිකුරාදා (17) දින සන්ධ්‍යාවේ වව්නියාව මන්නාරම මාර්ගයේ නීරියකුලම් ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි යුද්ධ හමුදා භටයින් විසින් මන්නාරම පෞද්ගලික බස් රථයක සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 6.8 ක පමණ කේරල ගංජා තොගයක් සහ ජෙලනයිට් කූරු 51 ක් සොයා ගන්නා ලදී.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ භටපිරිසක් විසින් එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර යන දෙදෙනාම සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා චෙඩ්ඩිකුලම් පොලිසිය වෙත භාරදී ඇත.

මේ අතර, ඉකුත් සිකුරාදා (17) දින ශ්‍රී ලංගම ප්‍රවාහන මණ්ඩලයේ බස් රථයක කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් කැබිතිගොල්ලැව හොරොව්පොතාන මාර්ගය ඔස්සේ රැගෙන යමින් සිටියදී කැබිතිගොල්ලෑව මාර්ග බාධකය අසලදී යුද්ධ හමුදා භටපිරිස් විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිසක් විසින් එම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා කැබිතිගොල්ලෑව පොලිසියට භාර දෙන ලදී. Sports Shoes | シューズ