Header

Sri Lanka Army

Defender of the Nation

17th January 2020 22:51:26 Hours

වඩමාරච්චි සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව

(මාධ්‍ය නිවේදනය)

තෛයිපොංගල් (15) දින සවස නැගෙනහිර නාගර්කොවිල්, වඩමරාච්චි ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි සෙබළුන් පිරිසක් සහ තරුණයින් පිරිසක් අතර ඇති වූ බව කියන ගැටුමක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය සහ යුද්ධ හමුදා පොලිසිය එක්ව පුළුල් පරීක්‍ෂණ පවත්වයි.

මූලික වාර්තා වලට අනුව, බදාදා (15) දින සවස 6.45 ට පමණ මත්පැන් පානය කර මාර්ගයේ වැතිරී සිටි පුද්ගලයෙකු දුටු යුද්ධ හමුදා පාපැදි මුර සංචාර කණ්ඩායමක් ඔහු එලෙස වැතිර සිටිම ජිවිතයට අනාරක්‍ෂිත බැවින් උදව් කිරීමට ඉදිරිපත්ව ඇත. එම අවස්ථාවේදී ප්‍රදේශයෙහි සිවිල් වැසියන් එම ස්ථානයට කඩිනමින් රැස්වී ඇති අතර එවිටම වගේ ක්‍ෂණිකව කඩා වැදුණු මත්පැන් පානය කර ඇති බවට විශ්වාස කෙරෙන තවත් තරුණයන් සිව්දෙනෙකු පාපැදි මුර සංචාරයේ පැමිණි සෙබළුන්ගේ රාජකාරිය කඩාකප්පල් කරමින් කලහකාරී ලෙස කටයුතු කර ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පේදුරුතුඩුව පොලිසිය තවදුරටත් පරීක්‍ෂණ පවත්වයි. (නිමාව) Nike air jordan Sneakers | Nike React Element 87