Header

Sri Lanka Army

Defender of the Nation

18th January 2020 08:45:40 Hours

උපදේශකයින් පුහුණු කිරීමේ දෙවන අධියර වන්නි ප්‍රදේශයේදී ආරම්භ වේ

යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය එක්ව බළඇණි මට්ටමින් උපදේශණ නිලධාරීන් පුහුණු කිරීමේ දෙවන අධියර ඉකුත් සිකුරාදා (17) දින වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී ආරම්භ කෙරිණි.

මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් නියෝජනය කරමින් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් කේ.එන්.එන් කොස්වත්ත සහභාගි විය.

පුරා සතියකට අධික කාලයක් පැවති මෙම පුහුණු වැඩසටහන සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 17 ක් සහ මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 27 ක් සහභාගි වුහ.

මෙහිදි ලැබු න්‍යායාත්මක දැනුමට අමතරව, එම පුහුණුවන්නන් සඳහා කොළඹ යුද්ධ හමුදා රෝහලේ දී දින හයක චිකිත්සක පුහුණුවක් ද ලබාදීමට නියමිතව ඇත.

මෙම පුහුණු වැඩසටහන මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදේශකයින් විසින් මෙහෙයවන ලදී. Sports brands | adidas Yeezy Boost 350