2024-11-30 14:14:49
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් 2024 නොවැම්බර් මස 27 සහ 28 දෙදින තුළ මුලතිව්, සෙල්වපුරම් සහ කෝකිලායි ගම්මානවල අවතැන් වූ වැසියන් වෙනුවෙන් 12 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සහන සේවා වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ අනුව, 592 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත භටපිරිස් විසින් ආපදාවන්ට මුහුණදීම සඳහා අත්‍යවශ්‍ය සහයෝගය ලබාදෙමින් අවශ්‍යතා සහිත පවුල් 64 ක් වෙනුවෙන් ආහාර සහ වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.
2024-11-29 19:19:13
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී, ආර්ඩබ්ලිව්පී (දෙවරක්), ආර්එස්පී යූඑස්පී, එම්එම්එස්සී (Strat අධ්‍යයන - චීනය), එම්එස්සී (ආරක්ෂක අධ්‍යයන) කළමණාකරන, එම්එස්සී (ආරක්ෂක අධ්‍යයන සහ Strat අධ්‍යයන), එෆ්එන්ඩීයූ (චීනය), පීඑස්සී 2024 නොවැම්බර් මස 28 දින යාපනය, කිලිනොච්චිය සහ 52 පාබල සේනාංක බලප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන් වූ ප්‍රදේශවල සංචාරයක නිරත විය.
2024-11-29 19:17:53
7 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අභිමානවත් 32 වන සංවත්සර දිනය වෙනුවෙන් එම ඒකකයේ අණදෙන නිලධාරි මේජර් ආර්. උස්හෙට්ටි පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 නොවැම්බර් මස 20 දින සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2024-11-29 19:14:12
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී 2024 නොවැම්බර් මස 22 දින උඩවලව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපළේ සංචාරයක නිරතවිය.
2024-11-29 19:12:57
23 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අභිමානවත් 15 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 නොවැම්බර් මස 24 දින එම කඳවුරු පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2024-11-29 19:11:05
9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් වැලිකන්ද පොලිස් ස්ථානයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ සහයෝගය මත 2024 නොවැම්බර් මස 27 දින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වැලිකන්ද ප්‍රදේශයේ ඇතිවූ ගංවතුරට හසු වී සිටි ගොවීන් තිදෙනෙකු මුදවාගනු ලැබීය.
2024-11-29 19:09:12
11 (ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඛාදනය වීමේ අවදානමකට ලක්ව තිබූ පාලම්කුලම් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරනු ලැබීය. ඒ අනුව, 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් බී.ජී.එස්. ප්‍රනාන්දු යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 551 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය මත අධික වර්ෂාව මධ්‍යයේ භටපිරිස් විසින් වැලි කොට්ට 300 ක් අතුරා වැව් බැම්ම ආරක්ෂා කර ගැනීමටත්, සිදුවිය හැකි ව්‍යසනය වළක්වා ඒ අවට ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් කටයුතු කරනු ලැබීය.
2024-11-29 18:05:50
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහ 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ගේ මඟපෙන්වීම මත 5 (ස්වෙච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ සහ 4 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් 2024 නොවැම්බර් මස 28 දින ස්ථාන දෙකක ගස් කඩාවැටීමෙන් සිදු වූ මාර්ග අවහිරතාවයන් වළක්වාලමින් එම ගස් කපා ඉවත් කිරීමට කඩිනමින් කටයුතු කරනු ලැබීය.
2024-11-29 18:05:37
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් 2024 නොවැම්බර් මස 28 දින කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැල්පොතුවැව ප්‍රදේශයේ පැවති ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ පුද්ගලයින් තිදෙනෙකු මුදාගැනීමට 1 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් කටයුතු කරනු ලැබීය.
2024-11-29 18:05:16
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් 2024 නොවැම්බර් මස 25 දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍රධාන දේශන ශාලාවේදී යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් සේවක මහත්වරුන්ගේ පාසල් අධ්‍යාපන කටයුතුවල නිරත දරු දැරියන් වෙත ප්‍රශ්ණෝත්තර පොත් කට්ටල සහ අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.