Header

Sri Lanka Army

Defender of the Nation

29th November 2024 18:05:16 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මූලිකත්වයෙන් ප්‍රශ්ණෝත්තර පොත් කට්ටල පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් 2024 නොවැම්බර් මස 25 දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන ප්‍රධාන දේශන ශාලාවේදී යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් සේවක මහත්වරුන්ගේ පාසල් අධ්‍යාපන කටයුතුවල නිරත දරු දැරියන් වෙත ප්‍රශ්ණෝත්තර පොත් කට්ටල සහ අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහනේදී 2 සිට 5 ශ්‍රේණි සඳහා ප්‍රශ්ණෝත්තර පොත් කට්ටල 160 ක් සහ අභ්‍යාස පොත් පාර්සල් පරිත්‍යාග කෙරිණි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, දරු දැරියන් සහ දෙමාපියන් පිරිසක් සහභාගි වූහ.