29th November 2024 19:12:57 Hours
23 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අභිමානවත් 15 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 නොවැම්බර් මස 24 දින එම කඳවුරු පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්විණි.
සංවත්සර දිනයේදී කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි අණදෙන නිලධාරිතුමන් වෙත එම ඒකකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් අණදෙන නිලධාරිතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව එතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කර සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය.
මෙම සංවත්සර සැමරුම් උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.