29th November 2024 19:19:13 Hours
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී, ආර්ඩබ්ලිව්පී (දෙවරක්), ආර්එස්පී යූඑස්පී, එම්එම්එස්සී (Strat අධ්‍යයන - චීනය), එම්එස්සී (ආරක්‍ෂක අධ්‍යයන) කළමණාකරන, එම්එස්සී (ආරක්‍ෂක අධ්‍යයන සහ Strat අධ්‍යයන), එෆ්එන්ඩීයූ (චීනය), පීඑස්සී 2024 නොවැම්බර් මස 28 දින යාපනය, කිලිනොච්චිය සහ 52 පාබල සේනාංක බලප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන් වූ ප්‍රදේශවල සංචාරයක නිරත විය.
කට්කෝවලම් ප්‍රදේශයේ ඇතිව තිබූ ගංවතුර තත්ත්වය නිරීක්‍ෂණය කළ එතුමන් කට්කෝවලම් මෙතෝදිස්ත මිෂන් මිශ්‍ර දමිළ පාසලේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ නේවාසිකව සිටින අවතැන් වූ පුද්ගලයින් වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ වෛද්‍ය ආධාර ද බෙදාදෙනු ලැබීය.
එහිදී, මුදවාගැනීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම්වල නිරත යුද්ධ හමුදා භටපිරිස්හි කැපවීම ඇගයීමට ලක්කළ එතුමන් මුදවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කරන ලෙසත්, බලපෑම අවම කරගැනීමට සහ තවදුරටත් ජීවිත හානි සිදුවීම වැළැක්වීම සඳහා වන මෙහෙයුම් කඩිනම් කරන ලෙසත් බලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
සහන සැලසීමේ ක්‍රියාමාර්ග සහ සිදුවිය හැකි උවදුරු වෙනුවෙන් පවතින සූදානම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම සංචාරයෙන් අනතුරුව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, රාජ්‍ය පරිපාලනය සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.