29th November 2024 19:17:53 Hours
7 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අභිමානවත් 32 වන සංවත්සර දිනය වෙනුවෙන් එම ඒකකයේ අණදෙන නිලධාරි මේජර් ආර්. උස්හෙට්ටි පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 නොවැම්බර් මස 20 දින සැමරුම් උත්සවයක් පැවැත්විණි.
සංවත්සර සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් නොවැම්බර් මස 17 දින මලයාලපුරම් ප්‍රදේශයේ පිහටි බී කණ්ඩායම් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අන්තර් කණ්ඩායම් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්විණි. ඉන් අනතුරුව, කිලිනොච්චි, කනගපුරම් රණවිරු ස්මාරකය අභියසදී මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්විණි. 2024 නොවැම්බර් මස 18 දින පිරිත් සජ්ඣායනාවක් සහ දානමය පිංකමක් ද මීට සමගාමීව පවත්වන ලදී.
සංවත්සර සැමරුම සනිටුහන් කරමින් අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ උපකරණ ගබඩා ගොඩනැගිල්ල එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන්ගේ සුරතින් විවෘත කරනු ලැබූ අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ එතුමන් හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ආමන්ත්‍රණය කළේය. මෙම අවස්ථාවට සමගාමීව, 2024 අන්තර් බලඇණි සරඹ තරඟාවලියේදී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ සරඹ ඛණ්ඩයේ භටපිරිස් සහ ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කිරීම ද සිදුකෙරිණි.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් රඹෑව රණවිරු ගම්මානයේ දිවංගත රණවිරුවෙකුගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරනු ලැබූ නිවසක් 2024 නොවැම්බර් 21 දින විවෘත කරනු ලැබීය.
මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.