2024-12-05 21:20:00
22 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ බලඇණි පුහුණු පාඨමාලාව 2024 ඔක්තෝම්බර් මස 14 සිට දෙසැම්බර් මස 04 දින දක්වා කටුකෙලියාව ප්‍රදේශයේ ස්ථාපිත 1 බලකා පුහුණු පාසලේදී පැවැත්විණි.
2024-12-05 21:11:47
4 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අභිමානවත් 39 වන සංවත්සර දිනය වෙනුවෙන් එම ඒකකයේ අණදෙන නිලධාරි මේජර් එච්.එම්.පී.කේ. බණ්ඩාර ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 දෙසැම්බර් මස 01 දින හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය.
2024-12-05 21:08:58
ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් වයි.කේ.එස්. රංගික පීඑස්සී පීටීඑස්සී ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්ෂණ විද්‍යාලය සමඟ ඒකාබද්ධව 2024 දෙසැම්බර් මස 4 දින ඉංජිනේරු සේවා බලකා මූලස්ථානයේදී වෘත්තීය සංවර්ධන වැඩමුළුවක් පැවැත්වීය. මෙම වැඩමුළුවේදී, ඌව - කුඩාඔයේ කමාන්ඩෝ භටයින්ගේ කන්ෆිඩන්ස් ජම්ප් අරීනා ව්‍යාපෘතිය සැලසුම් කිරීම, සැලසුම් කිරීම සහ ඉදිකිරීමෙන් උගත් අභියෝග සහ පාඩම් පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමුකෙරිණි.
2024-12-05 21:03:51
59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම සහ 591 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය මත 10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 30 දින මුලතිව්, කෝකිලායි ප්‍රදේශයේ පිහිටි ශාන්ත ආනා දෙව්මැදුරේදී ගංවතුරින් අවතැන් වූ සිවිල් වැසියන් 350 දෙනෙකු වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
2024-12-05 20:59:02
කෝපායි ප්‍රදේශයේ ස්ථාපිත 51 පාබල සේනාංකයේ 35 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී 2024 දෙසැම්බර් මස 02 දින එම සේනාංක මූලස්ථානයේදි රාජකාරි භාරගන්නා ලදි.
2024-12-05 20:53:54
3 බලඇණිය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අභිමානවත් 36 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 නොවැම්බර් මස 16 දින එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් යූ.කේ.කේ.ඩබ්ලිව්.එම්.ආර්.ඒ.ඩබ්ලිව්.අයි.ඒ.බී. කුලතුංග පීඑස්සී ගේ මඟපෙන්වීම මත සැමරුම් උත්සවයක් පැවැත්විණි.
2024-12-05 20:50:55
141 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත ‘අභිමානවත් සොල්දාදුවා’ තේමාව ඔස්සේ මනෝවිද්‍යාත්මක දේශනයක් 2024 දෙසැම්බර් මස 04 දින වේයන්ගොඩ ප්‍රදේශයේ ස්ථාපිත එම බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.
2024-12-05 20:46:42
2024-12-05 19:52:48
56 පාබල සේනාංක මූලස්ථානයේ 30 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ.එන්.ඩී. කරුණාපාල ආර්එස්පී එන්ඩීයූ 2024 දෙසැම්බර් මස 02 දින එම සේනාංක මුලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදි.
2024-12-05 19:48:58