Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2024 20:59:02 Hours

51 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

කෝපායි ප්‍රදේශයේ ස්ථාපිත 51 පාබල සේනාංකයේ 35 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී 2024 දෙසැම්බර් මස 02 දින එම සේනාංක මූලස්ථානයේදි රාජකාරි භාරගන්නා ලදි.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි ‍මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී වෙත 14 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකිරීමෙන් අනතුරුව එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධුරයේ රාජකාරි කටයුතු භාරගත් නව සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කිරීමෙන් පසු භටපිරිස් ආමන්ත්‍රණය කළේය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.