05th December 2024 20:53:54 Hours
3 බලඇණිය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අභිමානවත් 36 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 නොවැම්බර් මස 16 දින එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් යූ.කේ.කේ.ඩබ්ලිව්.එම්.ආර්.ඒ.ඩබ්ලිව්.අයි.ඒ.බී. කුලතුංග පීඑස්සී ගේ මඟපෙන්වීම මත සැමරුම් උත්සවයක් පැවැත්විණි.
සංවත්සර සැමරුම වෙනුවෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී බෝධි පූජාවක් පැවැත්වීමෙන් අනතුරුව රණවිරු ස්මාරකය අභියසදී රණවිරු සැමරුම් උත්සවයක් ද පැවැත්විණි.
සංවත්සර දිනයේදී, ඒකක මූලස්ථානය වෙත සපැමිණි අණදෙන නිලධාරිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ. ඉන් අනතුරුව, සමූහ ඡායාරූපයකට පෙනීසිටි අණදෙන නිලධාරිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සියලු නිල සුහඳ හමුවකට ද සහභාගී විය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.