05th December 2024 21:11:47 Hours
4 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අභිමානවත් 39 වන සංවත්සර දිනය වෙනුවෙන් එම ඒකකයේ අණදෙන නිලධාරි මේජර් එච්.එම්.පී.කේ. බණ්ඩාර ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 දෙසැම්බර් මස 01 දින හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්වීය.
මෙම සැමරුම් උත්සවයට සමගාමීව, ඒකක මූලස්ථානය වෙත සපැමිණි අණදෙන නිලධාරිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයක් සහ සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා එතුමන් සහභාගී විය. සංවත්සර සැමරුමට සමාගාමීව, රුහුණු කතරගම දේවාලය, මහනුවර ශ්‍රී දළදා මාලිගාව සහ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ධජයන්ට ආශිර්වාද කිරීම ඇතුළු ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව 2024 නොවැම්බර් මස 25 දින කඳවුරු පරිශ්‍රයේ බෝධි පූජාවක් ද පවත්වන ලදී.
මීට සමගාමීව, නොවැම්බර් මස 29 දින නෙල්ලිඅඩි, ශ්‍රී පරමානන්ද ළමා හා වැඩිහිටි නිවාසයේ නේවාසික ළමුන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් දානමය වැඩසටහනක් පැවැත්වීය. එමෙන්ම, කඹ ඇදීම, කබඩි, ක්‍රිකට් සහ සරඹ තරඟයන් ඇතුළු අන්තර් කණ්ඩායම් ක්‍රීඩා ඉසව්වන් ද පැවැත්වීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.